28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

නාවික හමුදාවෙන් පුත්තලම පොලීසියටත් විෂබීජ හරණ කුටියක්

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දී තිබේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ වයඹ නාවික විධාන මෝටර් ප්‍රවාහන වැඩපල සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දීම ඊයේ(15) සිදු කරන ලදි.  

විශේෂයෙන් පොලිස් ස්ථානයේ සේවය ලබා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාවගේ සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව උදෙසා මෙම විෂබීජ හරණ කුටිය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි.

තවද, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ මේ වන විට විෂබීජ හරණ කුටි කිහිපයක්ම විවිධ ස්ථාන වෙත ලබා දීමට නාවික හමුදාව මේ වන විට කටයුතු කර ඇති අතර,  කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම මර්ධනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කර මින් සිටී.

Related posts

අද සිට ප්ලාස්ටික් තහනම්…

Shiran Viraj

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj

අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදා

Shiran Viraj
Translate »