mediahumanrights.lk
NewsPolitical

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන්ට ඉල්ලීමක්

සිංහල අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතේදී ඔබේ පැන්සල හෝ පෑන අතට ගෙන පොතක් ලිවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක කෙරෙන “අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක් ” යන වැඩසටහනට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර තිබේ.

13 වැනිදා රාත්‍රී 10.43 ට එළඹෙන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතට ඔබේ පැන්සල පෑන අතට අරගෙන අප මාතෘභූමිය සෞභාග්‍යයේ හා සමගියේ අරුණැල්ලෙන් සරසන ලස්සන අනාගතයකට ගෙන යන රටක් වටින ඔබගේ, රටක් වටින කතාව, රටක් වටින පොතක් බවට පෙරලන්නැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..

Shiran Viraj

රු. 5000 දීමනාව පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත්

Shiran Viraj

බස් රථවල බැටරි ගලවන ජාවාරමක්…

Shiran Viraj
Translate »