28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

Corona : නිකවැරටිය වසා දමයි..

ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේ

Shiran Viraj

අපි ඕන ඡන්දයකට ලෑස්තියි

Shiran Viraj

ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

Shiran Viraj