27.8 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

රට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් සහනයක් ලබා දීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට හමුවුණා රෝගීන් සංඛ්‍යාව අඩු වෙමින් පැවතුනද රෝගීන් වාර්තා වැනි අවසන් කිරීම ඉලක්කය ඉතා අපහසුය බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් ඒ සඳහා සෞඛ්‍ය සේවය මෙන්ම සියලු ආරක්ෂක අංශ ඇතුළුව වගකිවයුතු අංශ කිසිදු විරාමයක් නොලබාම දිගටම කටයුතු කරන බවත් ඔහු කියා සිටී.

සමාජ දුරස්ථභාවය දිගටම පවත්වාගෙන යාමට ජනතාව දැඩිලෙස වගබලාගත යුතු බවත් ඉදිරි කාලයේ ගනු ලබන තීරණ වලට වැඩි වශයෙන් හේතු වන්නේ මහජනතාව තවදුරටත් කොතරම් නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න මත බවද ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.

මේ වන තෙක් ශ්‍රී ලංකාව තුළ රෝගීන් ව්‍යාප්ත වීමේ දී සමාජය තුළ පැතිරයාමක් දක්නට නැති බවත් එම තත්ත්වයකට පත්වුහවොත් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම දැඩි අභියෝගයක් වන බව ද ඔහු සඳහන් කරයි.

එනිසා මෙම අලුත් අවුරුදු සමයේ ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ද ඔහු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…

Shiran Viraj

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Shiran Viraj

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj
Translate »