28.9 C
Colombo
2026-09-12
mediahumanrights.lk
Local NewsNews

හිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සහභාගීවූ අවමංගල උත්සවයක පාංශකූලය සඳහා වැඩම කළ විහාරාධිපති හිමිනමක් සහ එම විහාරයේම තවත් හිමිනමක් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබේ.

මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිය නමක් සහ එහි තවත් හිමිනමක් මෙසේ නිරෝධයට යොමුකල බවයි.

මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමිනි රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තලවකැලේ ළිඳුල නාගසේන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන උත්සාහයට සහායක් ලෙස මෙම පියවර ගනු ලැබූ බව එහි විහාරාධිපති හිමියෝ සඳහන් කරති.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්

Shiran Viraj

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

Shiran Viraj
Translate »