2026-08-19
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා , මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ  කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන එම ගුවන් යානය ඊයේ(10) සවස 6.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව, මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා මහතා  සඳහන් කළේය.

මෙම වෛද්‍ය උපකරණ සියල්ල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය වෙත භාර දීමට කටයුතු කළ බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටි

Shiran Viraj

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

Shiran Viraj

දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…

Shiran Viraj
Translate »