2026-08-26
mediahumanrights.lk
Local NewsNews

වැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට හොරොවුපතාන හා කැබිතිගොල්ලෑවට පැමිණි නාවික සෙබළුන් 13 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනා නිරෝධානයට ලක් කර තිබේ.

ඉන් කිහිප දෙනෙකු කොරෝනා ආසිදිතදැයි පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන් සිව්දෙනකු නිවාඩු ලබා පැමිණ සිටියදී ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායනය ට ලක් කිරීමට කටයුතු කර තිබේ.

මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ එම පවුල්වල කිසිවකුට වෛරසය ආසාදනය වී යැයි තහවුරු වී නැති බවයි.

මෙම භටයන් සිව්දෙනා මූලික වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමු කළ ද මෙතෙක් ඒ ගැන වාර්තා ලැබී නොමැති බව ද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගෙළ කපා ඝාතනය කළ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී කළ පාපොච්චාරණය

Shiran Viraj

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

Shiran Viraj

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

Shiran Viraj
Translate »