27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

දිස්ත‍්‍රික්ක 19 ක 20දා සිට ඇඳිරියත් ඉවතට – ගුවන් තොටත් ඇරේ රජයේ ආයතනත් ටික ටික වැඩ

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර හා යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ලබන 20 දා සිට විවෘත කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව අදාල දිස්ත‍්‍රික්ක වල ඇඳිරි නීතිය ද ඉවත් කෙරේ. එසේම දැනට වසා දමා ඇති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හුවමාරු (TRANSIT) ගුවන්යානා සඳහා 21 වැනිදා සිට විවෘත කරන්නට ද බොහෝදුරට ඉඩ තිබේ.

මේ අතර දැනට විවෘත නොකෙරෙන දිස්ත‍්‍රික්ක හය ලබන තිස් වැනිදා විවෘත කිරීමටද ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මුලින් සෙසු දිස්ත‍්‍රික්ක විවෘත කිරීමෙන් පසුව ඇතිවන තත්වය අනුව එම තීරණය ගැනීමට නියමිතය.

මේ අතර රාජ්‍ය සේවකයන්ගේ රාජකාරි කොටස් වශයෙන් ආරම්භ කිරීමට ද රජය සැලසුම් කර තිබේ. ආරම්භයේ දී කොළඹ ඇතුළු අවදානම් දිස්ත‍‍්‍රික්කවල ඒ ඒ කාර්යාල වල රජයේ සේවකයන්ගෙන් දිනපතා කොටසක් පමණක් සේවා සඳහා කැඳවීමට නියමිතය. ඒ අනුව මුල් දිනයේ සේවය කරන පිරිස සෙසු දින හතර නිවසේ සිට සේවා වල නිරත විය යුතුය. ඊළඟ දිනයේ සේවය කරන පිරිසට ඊළඟ දින හතර නිවසේ සිට රාජකාරියේ නිරතවීමට ඉඩ ලැබේ. මේ ආකාරයට දිනපතා අදාල සේවා ස්ථානවල සේවකයන් පහෙන් එක කොටසක් බැගින් සේවයේ යෙදවේ.

අවදානම් අඩු සෙසු දිස්ත‍්‍රික්කවල දිනක් හැර දිනක් සේවකයන් අඩක් බැගින් ආයතනයට පැමිණ රාජකාරි කිරීමට ද යෝජනා වී තිබේ.

lanka lead news

Related posts

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

Shiran Viraj

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj

ජූනි මාසයේ කොළඹ උද්ධමනය 6.8% දක්වා ඉහළට: ආහාර මිල ගණන්වලත් කැපී පෙනෙන වර්ධනයක්

Shiran Viraj
Translate »