mediahumanrights.lk
Local NewsNews

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

අද(24) දිනයේ සවස 7.10 ය වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 47 දෙනෙක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව රෝගීන් 11 දෙනෙකු නිරෝධානයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවත මාවතෙන් වාර්තා වී ඇත.

30 දෙනෙකු වැලිසර නාවික කඳවුරේ සිටින නාවිකයින් පිරිසකි.

5 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටින නාවික හමුදා නාවිකයන් වන අතර දිවයිනේ පහත ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

-රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්.

-කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ ප්‍රදේශයෙන්.

-කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්.

-බදුල්ල ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ප්‍රදේශයෙන්.

– මහනුවර දඹුල්ල අත‍බෝධි වැව ප්‍රදේශයෙන්.

අනෙක් රෝගියා මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක්.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 415 ක් දක්වා ඉහළ ගොස් ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

The Hundred තරගාවලිය: Oval Invincibles කණ්ඩායමට තීරණාත්මක ජයක්

Shiran Viraj

කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේ

Shiran Viraj

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

Shiran Viraj
Translate »