27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති සිරිසේන නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.

මෙම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින අපාරාධකරුවන් සහ එය සැලසුම් කළ අය හෙළිදරව් කිරීම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අය වෙනුවෙන් සිදුකරන යුතුකම යැයි ද අගරදගුරුතුමන් සඳහන් කරති.

ප්‍රහාරය එල්ල වී අදට වසරක් ගත වුවද නියම අපරාධකරුවන් හෙළිදරව් වී නැති බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමන් පවසා සිටී.

මෙම ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම විසින් දැනට සිදු කර ඇති වැඩ කොටස ගැන අවංකවම අගය කළ හැකි බවත් සිදුකරන විමර්ශන ද විනිවිදභාවය සහ විශ්වාසනීයත්වයෙන් යුතු ව ගැඹුරින් සිදුකළ යුතු බවද අගරදගුරුතුමන් තව දුරටත් අවධාරණය කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Shiran Viraj

පොඩ්ඩක් නවතින්න හරි පාට තෝරගන්න

Shiran Viraj

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Shiran Viraj
Translate »