29 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා සුවකරන්න පුළුවන් කියද්දීත් ආයුර්වේද වෙදුන්ට ඊට ඉඩ නොදෙයි.. කුමක්ද හේතුව..

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය මගින් කොරෝනා රෝගීන් සුවපත් කරන්නට ඉඩ නොදෙන්නේ මන්දැයි රජය පැහැදිලි කල යුතු බව පූජ්‍ය ඔ්මල්පේ සෝපිත හිමියෝ පවසති.

ඇඹලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

‘ලංකාවේ අවුරුදු දහස් ගණනක් සිට පැවතෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැහැ.මේ වෛද්‍ය වරුන්ට මෙතෙක් කල් පඩි දීල තිබීම අපරාධයක් වහාම මේ අය ඉවත් කල යුතුයි.මේ ජනතාවගේ සල්ලි මේ රෝහල් නිරෝධායන කටයුතු වලට ගන්න.

ආයුර්වේදයෙන් මෙච්චර කියද්දී කොරෝනා ඒ අයට සනීප කරන්න පුලුවන් කියල ඇයි ඒ අයට මේක බලන්න හරි දෙන්න බැරි එහෙම ආයුර්වේදයක් මේ ලංකාවට එහෙම නම් මොකටද, අවිගන් ඖෂධය කියපු ගමන් ගෙන්නෙව්වා.මේක හරිද වැරදිද බැලුවේ නැහැ.ඉතින් අපේ ආයුර්වේදයට ඇයි තැනක් දෙන්න බැරි.මේ ජපන් බෙහෙතත් අත්හදා බැලීමේ තැනක තියෙන එකක් වෙන්න ඇති.

මම අගමැතිට කතාකලා ඇමතිවරු 10කට විතර කතාකලා මේ අය කවුරුත් පිළිගන්නවා ආයුර්වේද ක්‍රමය හැබැයි කවුරුත් නිහඩයි.මොකක්ද මේ වෙන්නේ.

මොකක්ද බලධාරීන් ඉඩ නොදෙන්න හේතුව.අවශ්‍ය කරන්නේ ප්‍රතිකාරය පමණයි.ජපානය අත්හදාබලන බෙහෙත් තරම්වත් අපේ ආයුර්වේද ක්‍රමය පිළිගන්නේ නැද්ද.මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක් අංශයක් ‍වන හේ අංශයෙන් ඇති වැඩේ මොකක්ද,

මේ අය මෙච්චරකල් පිංපඩිනේද ලබල තියෙන්නේ ඇයි වැඩක් නැති ක්‍රමයක් නඩත්තු කරන්නේ’
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවා

Shiran Viraj

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Shiran Viraj

2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතී

Shiran Viraj
Translate »