30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

අද පැතිරෙන ආකාරයේ ගෝලීය වසංගතයක් 2020-2025 අතර ඇතිවන බව 2008 වසරේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය 2008 වසරේදීම පුරෝකථනය තිබු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනකින් දක්වා ඇත. පහත දැක්වෙන්නේ එම සටහනයි.

ඉදිරියට සිදු වෙන දෑ දැන ගැනීමට අප සියලු දෙනා තුළ ඇත්තේ කුහුලකි. එවැන්නක් නිවැරදිව පැවසිය හැකි ක්‍රමයක් වේ නම් එය ආශ්චර්යයකි. මිනිසුන් ගොඩ නැගූ ප්‍රවාද (theory) ඔස්සේ විවිධ පුරෝකථන සිදු වේ. යම් සීමාවලට යටත්ව වුව ද නිව්ටෝනීය භෞතිකය පුරෝකථන කිරීමෙහිලා සාර්ථක නිසා එයට අධිපතීත්වයක් ලැබී ඇත. ජ්‍යොතිෂය වසර දහස් ගණනක් පුරෝකථන ඉදිරිපත් කළ දැනුම් පද්ධතියකි. අංග ලක්ෂණ විද්‍යාව, නාඩි වාක්‍ය, අඳුන බැලීම පුරෝකථන ඉදිරිපත් කරන තවත් දැනුම් ය. මේ හැරුණු විට ආධ්‍යාත්මික දියුණුව ඔස්සේ අනාගතය දැකීම සහ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගේ උපකාරයෙන් පුරෝකථන ඉදිරිපත් කිරීම ද පෙරදිග ප්‍රචලිත ක්‍රමවේද වේ. මේ කවරකින් නමුත් ඉදිරියේ සිදුවන යමක්, සිද්ධියක් ගැන නිවැරදිව පැවසිය හැකිනම් එයට ප්‍රබල ආකර්ශනයක් හිමි වේ.

අප දන්නා ඉතිහාසයේ ප්‍රබල අධිරාජ්‍ය, රාජ්‍ය සහ ඒවායේ පාලකයන් අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාව තිබු විවිධ දැනුම් පද්ධති සහ එවන් හැකියාව තිබූ පුද්ගලයන් සමීපව ඇසුරු කර ඇත. ඇතැම් පුද්ගලයන්ට එවන් හැකියාව කවරනම් ක්‍රමයකට ලැබුනේදැයි අපැහැදිලි නමුත් තීරණ ගැනීමෙහිලා ඔවුන් දක්වා ඇති දායකත්වය සුළුපටු නොවේ.

අද ලෝකය මුහුණ දෙන කොරෝනා වසංගතය ගැන මේ කවර හෝ ක්‍රමයකට කල් වේලා ඇතිව පුරෝකතනය කිරීමේ හැකියාවක් නොතිබිනි ද? “මේ වසර තුළ මහජනතාව පීඩාවට සහ පුදුමයට පත්වන, විවිධාකාරව පැතිරෙන සොයා ගැනීමට අපහසු රෝග පීඩා ඇතිවන බව ජ්‍යෝතිෂවේදීන් කිහිප දෙනෙක්ම පසුගිය වසරේ අග භාගයේ අනාවැකි පළ කර තිබුණි. විවිධ ආධ්‍යාත්මික ක්‍රම මගින් ලැබුණු පණිවිඩ මගින් යම් ප්‍රබල රෝග ව්‍යසනයක් ඇතිවන බව දැනුවත් වුවද එය නිශ්චිතව කුමක්දැයි දැන ගැනීමට අපට නොහැකි විය.

මේ සම්බන්ධයෙන් නිශ්චිතම පුරෝකථනය සිදු කර තිබුනේ ඇමරිකානු එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය (National Intelligence Council-NIC ) මගිනි. 2008 වසරේ ඔවුන් නිකුත් කළ Global Trends 2025: A Transformed World නම් සවිස්තර වාර්තාවක මේ පුරෝකථනය දැක් වේ [මෙය දැන් ප්‍රසිද්ධ ප්‍රකාශනයකි]. NIC වරින් වර මේ ආකාරයේ වාර්තා සකස් කරයි. එමගින් මූලිකව ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉදිරි වසර 15-20 ලෝකය තුළ ඇතිවන ප්‍රවණතා, ප්‍රශ්න, ඇ.එ. ජනපදයට සහ බටහිර ලෝකයට එල්ල වන අභියෝග සහ ඒවා ජයගෙන තව දුරටත් ලෝක බලවතා ලෙස ඇ.එ. ජනපදය රැදී සිටින්නේ කෙලෙසද යන්න සාකච්ජා කිරීමයි [ලංකාවේ ඇතැම්හු බටහිර ලෝකයක් ඇත්තේ කොහේදැයි ප්‍රශ්න කළ ද western world, traditional Western alliances, western liberal model, western order වැනි යෙදුම් මේ වාර්තාව පුරා දක්නට ලැබේ].

මේ වන විට Global Trends 2030 සහ Global Trends 2035 පුරෝකතනද NIC සකස් කර හමාරය. මෙවැනි පුරෝකථන සකස් කිරීම සිදුවන්නේ බුද්ධි මණ්ඩලයකින් බව පැවසුවද එහි සාමාජිකත්වය කුමක්දැයි NIC හෙළි නොකරයි. ඔවුන් පවසන ඇතැම් පුරෝකථන පවතින දැනුමකින්, සාක්ෂි, දත්ත, තොරතුරු මත ඉදිරිපත් කළ නොහැකි ඒවාය. නමුත් ඒ පුරෝකථනය ලැබුනේ කෙලෙසද යන්න ඔවුන් හෙළි නොකරයි. 2008 වසරේ සකස් කළ Global Trends 2025 පරිච්ජේද 7 කින් සමන්විතය. එහි 5 වන පරිච්ජේදය යටතේ 75 වන පිටුවේ මාතෘකාව Potential Emergence of a Global Pandemic යනුවෙනි. එනම් “ගෝලීය වසංගතයක් ඇති වීමේ විභවතාව” යනුවෙනි. එහි දැක්වෙන්නේ 2025 වසර වනවිට ඇතිවිය හැකි ගෝලීය වසංගතයක් ගැනයි. එවැන්නක් ගැන අනාවැකි පළ කිරීම අරුමයක් දැයි යමකුට සිතෙන්නට පුළුවන. එහෙත් වසර 12 කට පෙර ඉදිරිපත් කළ මේ පුරෝකතනයේ දැක්වෙන්නේ,

-නව, ඉතා පහසුවෙන් එකිනෙකා අතර පැතිරෙන ශ්වසන පද්ධතියේ රෝගයක් නිසා මේ ගෝලීය වසංගතය ඇති වේ.

-H5N1වැනි වෛරසයක් ජාන වෙනස්කමකට භාජනය වී මෙම තත්වය ඇතිවිය හැකි අතර කොරෝනා හෝ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් ද මේ සඳහා මුලික විය හැක.

-එවන් වසංගතයක් අධික ජන ඝනත්වයක් ඇති, මිනිසුන් සහ සතුන් අතර සමීප සබදතා පවතින චීනය හෝ අග්නිදිග ආසියාතික රටකින් මතුවිය හැක.

-වෛද්‍ය අංශවල ප්‍රමාදය නිසා නිසි හදුනා ගැනීමකින් තොරව සති ගණනක් ගතවිය හැකි අතර එම කාලය ගෝලීය වසංගතයක් ඇති වීමට ප්‍රමාණවත්ය.

-ඇමරිකානු එක්සත් ජනපදය තුළ මිලියන සිය ගණනක් මේ වෛරසයට ගොදුරු විය හැකි අතර කෝටි ගණනක් ඇමෙරිකානුවන් මිය යා හැකිය.

Global Trends 2025 වාර්තාව සකස් කිරීමේ මුලිකත්වය ගෙන ඇත්තේ මැතිව් බරෝව් ය. ඔහු යුරෝපීය ඉතිහාසය ගැන කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය උපාධිධාරියකුය. බරෝව් අනාගත පුරෝකථනය පිලිබඳ ඇ.එ. ජනපද බුද්ධි අංශ සතු දක්ෂම පුද්ගලයා සහ ඉහලම උපක්‍රම විශේෂඥයකු ලෙස සැලකේ.

මැතිව් බරෝව් ඇතුළු කණ්ඩායම සකස් කළ Global Trends 2025 වාර්තාවේ දැක්වෙන ගෝලීය වසංගතයක අවදානම පිලිබඳ පුරෝකථනය වත්මන් පාලකයන් නොසලකා හැරීම ගැන ඇ.එ. ජනපද ජනධිපති ඩොනල්ඩ් ටම්ෆ් විවේචනයට ලක්වී ඇත. මේ ආකාරයටම 2017 වසරේ ඇමරිකානු වසංගත රෝග විශේෂඥයකු වන මයිකල් ඔස්ටර්හෝම් සහ මාක් ඔල්ෂකර් රචනා කළ “Deadliest Enemy: Our War Against Killer Germs” කෘතියේද මෙවන් ගෝලීය වසංගතයක අවදානම ගැන සාකච්ජා කර ඇත.

දැන් අපට ඇති ප්‍රශ්නය මැතිව් බරෝව් ඇතුළු කණ්ඩායම 2008 වසරේදී මෙවන් ගෝලීය වසංගතයක් ගැන ඉතා නිවැරදිව අනාවැකි පැවසුවේ කෙලෙසද යන්න සහ එම අනාවැකි වත්මන් ඇ.එ. ජනපද පාලකයන් නොසලකා හැරියේ මන්ද යන්නයි. Global Trends 2025 වාර්තාවේ දැක්වෙන දේශපාලන, ආර්ථික සහ යුදමය පුරෝකථන බොහොමයක් මේ වනවිට එලෙසම සිදුව ඇත. ඒවා දේශපාලනය, ආර්ථිකය සහ යුද විශේෂඥයන්ගේ බුද්ධිමත් අනුමාන කිරීම් බව කෙනකුට තර්ක කළ හැක. එහෙත් ඉතා දුර්ලභ මේ ආකාරයේ ගෝලීය වසංගතයක් ගැන ඔවුන්ගේ [නිවැරදි] පුරෝකථනය අභිරහසකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

Shiran Viraj

ලෝක රූ රැජින වෙන්න ගිය පුෂ්පිකා දෙවරක් රෙදි ගලවා ගනී…

Shiran Viraj

ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත්' දිවි මගෙන් සමුගනී

Shiran Viraj