mediahumanrights.lk
Local NewsNews

ඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහරදී රත්තරන්, මුදල් කොල්ල කයි..

යාපනයට පවතින ඇඳිරිනීතිය අතර යාපනය චාවකච්චේරි මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ලකරුවෙකු විසින් නිවසියන්ට පහරදී රත්තරන් හා මුදල් තොගය කොල්ල කා (11) රාත්‍රියේ පලාගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

අදාල නිවසේ සැමියා සහ බිරිඳ සිට ඇති අතර එම අවස්ථාවේදී නිවසට ඇතුල් වූ කොල්ලකරු විසින් සැමියාට හා බිරිඳට පහරදී නිවසේ තිබූ රන් පවුම් 5කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් 16,000 ක් කොල්ල කා පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ සැමියා සහ බිරිඳ රෝහලගත කොට ඇති බවට පොලීසිය පැවසීය.

කොල්ලකරු විසින් නිවසේ වහලයෙන් ඇතුල් වී ඇති අතර අදාල කොල්ලකෑම සිදුකල පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් අනවරණය නොවී ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.


(under the courtesy of lankacnews.com news web)

Related posts

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

Shiran Viraj

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..

Shiran Viraj

ගෝඨාභය​ වංචා සෙවීමේ විමර්ශන කොමිසමට එයි

Shiran Viraj
Translate »