mediahumanrights.lk
Local NewsNews

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී ජනතාව විසින් පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කරුණක් මත පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන ලෙස එම නිවේදනයේ සඳහන්.

හැකි සෑම අවස්ථාවකම පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක දුරක් තබා ගන්නා ලෙසත් එහි දැක්වේ.

ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔබ නිවසට නුදුරුම වෙළෙඳ සැලට පමණක් ගමන් කරන්නැයිද නිවසකින් එක් අයෙකු පමණක් වෙළෙඳසැලට යෑමට වග බලාගන්නැයිද  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිතරම පිළිපදින ලෙසටත් වයෝවෘද්ධ පුද්ගලයින් නිවස තුළම රඳවා තබන ලෙසත් නිවේදනයේ සඳහන්.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳසැලේ ගත කරන කාලය තුළ පුද්ගලයින් අතර මීටරයක පරතරයක් තබාගන්නා ලෙසත් භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළෙඳසැල තුළ ගත කරන කාලය සීමා කරන ලෙසත් එහි දැක්වේ.

මෙම වෙළෙඳසැල් තුළට වැඩි පිරිසක් ඇතුළු කර නොගැනීමට වෙළෙඳසැලේ අයිතිකරු, කළමනාකරු, ආරක්ෂක අංශ වගබලා ගත යුතු වේ.

බාහිරට ගොස් නැවත නිවසට පැමිණීමේදී සිය බඩු මල්ල එළියේ තබා අත සෝදාගෙන එම භාණ්ඩ පමණක් නිවසට ගෙන මල්ල විෂබීජහරණයට අව්වේ තබන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

එසේම තමන් ඇඳ සිටි වස්ත්‍ර සෝදා තමන්ද පිරිසිදුවී නිවසට ඇතුළු වීමෙන් ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයනුත් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වාගත හැකියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Corona : කෙසෙල්වත්තෙන් තවත් 05ක් ..

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇති බවට වාර්තා පළ වෙයි; ජාත්‍යන්තර නාවික ගමනාගමනයට දැඩි බලපෑමක්

Shiran Viraj

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Shiran Viraj
Translate »