28.4 C
Colombo
2026-08-21
mediahumanrights.lk
International NewsNews

කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයක

ඉතාලියේ සියලූ පාසල් අද (05) සිට ඉදිරි දින 10 ක කාලය තුළ වසා දැමෙනවා.

ඒ, පාලනය කළ නොහැකි අයුරින් පැතිරෙමින් ඇති නව කොරෝනා වෛරසය හමුවේයි. කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපා රට වන්නේ ද ඉතාලියයි.

නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මේ වනවිට ඉතාලිය තුළ පුද්ගලයින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරටින් වාර්තා වන ආසාධිතයින් ගණන 3,089 ක්. චීනයට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ද මේ වනවිට ඉතාලිය පත්ව තිබෙනවා.

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8.3 ක මුදලක් මුදාහැරීම වෙනුවෙන් වූ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

එය සෙනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතයි.

මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පළමු නව කොරෝනා මරණය ද ඊයේ (04) වාර්තා වුණා.

වෛරසය පැතිර යාමේ අවධානමක් ඇති බැවින් ලොස් ඇන්ජලිස් නුවරට සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේ අතර නව කොරෝනා වෛරසය හමුවේ ඊශ‍්‍රායලය රටවල් 05 ක් වෙනුවෙන් නව සංචාරක තහනමක් පනවා තිබෙනවා.

එම තහනමට යටත් වන රටවල් වන්නේ ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඤඤ්ය, ඔස්ටි‍්‍රයාව සහ ස්විට්සර්ලන්තයයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj

ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති

Shiran Viraj

පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

Shiran Viraj
Translate »