28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

විශ්‍රාමිකයින්ට  නිදහස් දුම්රිය බලපත්‍ර  නිකුත් කිරීමේ පෙර පැවැති සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරමින් 2016 හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම ආරම්භ කිරීමේ තවත් පියවරක් වශයෙන් මෙය හඳුන්වා දී ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පුංචි ඡන්දයට එක්වන්න මහින්දට අගමැති හෝ විපක්ෂ නායක පුටුව ලැබෙයිද? ශ්‍රීලනිපය කියන කතාව

Shiran Viraj

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..

Shiran Viraj

ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානි

Shiran Viraj
Translate »