28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsSportsSports News

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප‍්‍රමාණවත් දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් සිම්බාබ්වේ කි‍්‍රකට් පරිපාලනය මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 ශී‍්‍ර ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලූ 10කින් පරාජයට පත් වූ සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

කෙසේ වුවද කණ්ඩායමේ කි‍්‍රයාකාරකම් වලට ප‍්‍රතිචාර දැක්විය යුතු බවත් ව්‍යාපාරයක් වුවද දියුණුවීමට නම් යමක් ලබා දිය යුත්තේ ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් යැයි සිම්බාබ්වේ කි‍්‍රකට් සභාපතිවරයා සඳහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. පසුගිය කාල වකවානුවේ කණ්ඩායම සහ කි‍්‍රකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බුධය හේතුවෙන් මෙම කි‍්‍රයා මාර්ගය ගැනීමට සිදුවන බවත් එහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 සිම්බාබ්වේ කි‍්‍රකට් වසර ගණනාවක සිට මූල්‍ය ගැටුලූවකට මුහුණ දී තිබේ. අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් වසරක් පමණ සිම්බාබ්වේ කි‍්‍රකට් සම්මේලනයේ සාමාජිකත්වය අහිමිකර තිබුණු අතර එ් හේතුවෙන් අදාළ මූල්‍ය ගැටලූව උත්සන්න වී තිබේ. තහනම් කාලය තුළදී අයී.සී.සී ය විසින් සිම්බාබ්වේ කි‍්‍රකට් සඳහා වන සියලූම අරමුදල්ද නවතා දමා තිබිණි. කෙසේ පසුගිය ඔක්තෝබර් මාසයේදී අයි.සී.සීය විසින් එම තහනම ඉවත් කළේය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

Shiran Viraj

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Shiran Viraj

ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයි

Shiran Viraj
Translate »