28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

චීනය සැඟවූ කොරෝනාව ගැන ලොවට හෙලිකල වෛද්‍යවරයා මියයයි : රටපුරා ජනතා විරෝධයක් නැග එයි

චීනය විසින් මුළු ලොවටම වසන් කර තිබු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුලින්ම හෙළි කළ වුහාන් නගරයේ රෝහලක වෛද්‍යවරයා ඊයේ (06) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහුටද කොරෝනා රෝගය ආසාධනය වීමෙන් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

Li Wenliang නම් මම වෛද්‍යවරයා වුහාන් හි පිහිටි රෝහලක සේවය කරමින් සිටි අතර ඉකුත් දෙසැම්බර් මාසයේදී නව කොරෝනා වෛරසය වැළදීමෙන් සිය රෝහලට රෝගීන් ඇතුලත් කිරිමත් සමගම ඔහු සිය විශ්ව විද්‍යාලයේ මිතුරන් සිටින Weibo සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

“හඳුනා නොගත් වෛරසයක් පැතිරෙමින් පවතිනවා. අපේ රෝහලේ වෛද්‍යවරුන් 07 දෙනෙක් මේ වන විට නිරෝධාන ඒකකයේ පරික්ෂාව යටතේ සිටිනවා. ඔබලා කල්පනාවෙන් පසුවන්න” Li Wenliang නම් වෛද්‍යවරයා සිය මිතුරන්ට අනතුරු අඟවා තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම සෙසු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග චීන බලධාරින් මෙම වෛද්‍යවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පෙළඹුනා.

කෙසේ වුවත් චීන ජනතාව මෙම වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටිමත් සමග එරට ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටියා.

කෙසේ වුවත් කොරෝනා රෝගයට ආසාධනය වූ රෝගීන් වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට අමතක නොකළ වෛද්‍ය Li Wenliang මිට සති දෙකකට ඉහතදී තමන්ට ද නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හෙළිකර සිටියා.

වෛරසය ආසාධනය වූ මෙම වෛද්‍යවරයාව එරට ජනතාව වීරයෙක් ලෙස හැදින්වූවා.

කෙසේ වුවත් වෛද්‍යවරයා මිය යාමේ පුවත වාර්තා වූ විගස ජනතාව, චීන රජය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකොට තිබෙනවා.

දිගින් දිගටම එල්ලවන මහජන විරෝධතා හේතුවෙන් චීනයේ ජාතික අධීක්ෂණ කොමිසම විසින් එම වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ද පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?

Shiran Viraj

මධ්‍යම කඳුකරයට තද සුළං සහ මීදුම් තත්වයක් හටගනී

Shiran Viraj

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »