mediahumanrights.lk
Local News News

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ පළමු අදියර ලෙස තෝරාගත් විභාග කිහිපයකට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දෙන බවයි.

ඒ අනුව ලබන ඉරිදා පැවැත්වෙන ඝණකාධිකරණ සේවා විභාගයේදී පළමුවරට විභාග අපේක්ෂකයින්ට මෙම අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ජාතික පාසලක් ලබාදීමට කටයුතු කරන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Shiran Viraj

රටින් පොල් ගේන්න අවසර ලැබේ

Shiran Viraj

චීනයෙන් බිලියන දෙකහමාරක ණයක්.. බිලියනයක් චීන ණයක් ගෙවන්නමයි..

Shiran Viraj