2026-02-02
mediahumanrights.lk
International NewsNews

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉරිදා දිනයේදී මරණ 57ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 56 ක් හුබෙයි පළාතෙන්ද අනෙක් මරණය චොංකිං  වලින්ද වාර්තා වෙයි.

ඉරිදා දිනයේදී කොරෝනා වෛරසය යැයි සැක සහිත පුද්ගලයින් 5,173 ක් වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂම පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය  ලැබූ පුද්ගලයන් 147 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබුණි.

රෝගීන් 2,296 ක් බරපතල තත්ත්වයේ පසුවන අතර පුද්ගලයින් 21,558 කට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

මේ දක්වා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 475ක් වෙයි.

රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් 189,583 ක් සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 10,055 දෙනෙකු ඉරිදා වෛද්‍ය නිරීක්ෂණවලින් අනතුරුව නිදහස් කර තිබේ.ිිි

(under the courtesy of nethgossip.lk news web)

Related posts

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Shiran Viraj

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

Shiran Viraj

සහල් කිලෝව රුපියල් දහස පනිනවා..

Shiran Viraj
Translate »