28.4 C
Colombo
2026-09-10
mediahumanrights.lk
NewsSportsSports News

මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30 ක් රැස්කර ගෙන සිටියා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 10 ක් අතැතිව ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 127 ක් පිටුපසින් සිටිනවා.

ඊයේ දිනයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූයේ කඩුළු 9 ක් දැවී ලකුණු 515 ක් ලබා සිටියදීයි.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළා.

පන්දු 468 කදි ගොඩ නැගුණු මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 16 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 80 යි. ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 63 බැගින් රැස් කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 358 ක් පමණයි. හරාරේහිදී පැවැත්වෙන මෙම තරගයේ අද (23) අවසන් දිනයයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අගමැති ජපානය බලා පිටත්ව යයි

Shiran Viraj

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවට

Shiran Viraj

ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..

Shiran Viraj
Translate »