31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

අධික කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගණුදෙනුව හරහා සිදුවූ අලාභය ඊට සම්බන්ධ පුද්ගලයින්ගෙන් අයකර ගත යුතු බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම පෞද්ගලික ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇත්තේ රුපියල් කෝටි 2කට අධික මාසික කුලියක් ගෙවමින්.

අදාළ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරයට රැගෙන යාමට සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව අද (18) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඔහු කියාසිටියේ. අද දිනයේ අනුමැතිය ලැබීමෙන් පසු කොටස් කිහිපයක් යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට රැගෙන යන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මේ අතර කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

Shiran Viraj

ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපති

Shiran Viraj

ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….

Shiran Viraj
Translate »