28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
International NewsNews

16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්

යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ද සිය සමාජජාල මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ‘‘වට්ස් ඇප්’’ සමාගම තීරණය කර තිබෙනවා.

දැනටමත් වයස අවුරුදු 13ට අඩු දරුවන්ට වට්ස් ඇප් මාධ්‍ය ජාලය භාවිත කිරීම් තහනම්. එම සමාගම මෙම තීරණයට එළඹ ඇත්තේ දත්තවල පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ලබන මාසයේදී නව විධි විධාන රැසක් ගෙන ඒමට සූදානම් වන පසුබිමකයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා රටවලට හැර සෙසු රටවලට වයස අවුරුදු 13 වයස් සීමාව වෙනස් කිරීමට වට්ස් ඇප් සමාගම කටයුතු නොකරනු ඇති බවටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'

Shiran Viraj

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Shiran Viraj

ලයනල් මෙසී මෙවර රන් පාවහන දිනා ගනියි

Shiran Viraj
Translate »