mediahumanrights.lk
Local NewsNews

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

එළඹෙන සීත සෘතුවේදී උණුසුම් කාලගුණයක් සහිත පරිසරයක නිවාඩුවක් ගත කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොදම ස්ථාන 20 අතර පළමු ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ලෙස නම් කර තිබෙනවා. ඒ අමෙරිකාවේ usatoday.com වෙබ් අඩවිය විසින්ය.

දෙසැම්බර් සහ පෙබරවාරි මාසයන් හිදී ඇතිවන මෙම සිත සෘතුවේදී යුරෝපය ඇතුළු රටවල් රාශියක් අධික ලෙස හිමෙන් වැසි යන අතර බොහෝ විදෙස් සංචාරකයින් සිය නත්තල් නිවාඩුව සහ නව වසර උදාව සැමරීම සඳහා උණුසුම් කාලගුණයක් ඇති රටවල සංචාරය කිරීම සිදුකරනු ලබනවා.

ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුවද සංචාරය සඳහා ලොව හොදම රටක් ලෙස usatoday.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව නම් කිරීම මගින් මෙරට ආරක්ෂාව තහවුරු වී ඇති බවට වන පණිවිඩය ලොවට ලබාදී තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්

Shiran Viraj

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…

Shiran Viraj
Translate »