mediahumanrights.lk
Business Business News News

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර ගණනාවකදී එය ඉහළ දැමුවේ නැති බවද ඔහු පවසයි.

ඒ නිසා වැඩිපුර වතුර භාවිතා කරන ඉහළ ආදායම තට්ටුවෙන් මිල වැඩි කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව පළමු ඒකක 15න් ඉහළ ජලය භාවිත කරන්නන් සඳහා මිල වැඩි කිරීම අනිවාර්යෙන්ම කරන බව ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

Shiran Viraj

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

පළාත් 3කට අදත් හවසට වැසි

Shiran Viraj