28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද (12) රැස්වනවා. ජනාධිපතිවරණයෙන් පසු බිහිවූ නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව ද මෙයයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් නව රජයේ ගමන් මග පිළිබඳ මගපෙන්වීමක් සහ උපදෙස් මාලාවක් මෙහිදී ලබා දෙනු ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණය සහ ඊට තරගවදින්නේ කුමන පක්ෂයක් හෝ ලකුණක් යටතේදැයි ද, අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරන්නේදැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එහිදී කියා සිටියේ ලකුණ පිළිබඳ ගැටලුවක් මේ අවස්ථාවේ පැණ නොනැගෙනු ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති මන්දිරයේදී සවස 06.00 ටයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Shiran Viraj

වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලා

Shiran Viraj

පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…

Shiran Viraj