28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

රුසියාවට චෝදනාවක්

සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක්වූ සර්බියානු ජනාධිපතිවරයාද මේ බව අවධාරණය කර සිටියේය.

සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක්වූ සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්දර් වූචිච්, එරට තුළ රුසියානු මෙහෙයුම් සම්බන්ධව පුළුල් අනාවරණයක් සිදු කළේය.

එහිදී ජනාධිපතිවරය වැඩිදුරටත් සදහන් කළේ, සර්බියාව තුළ මෙහෙයුම් හි නිරත රුසියානු බුද්ධි නිලධාරීන් සම්බන්ධ තොරතුරු රැසක් මේ වනවිට හෙලිදරව් වී ඇති බවයි.

රුසියානු බුද්ධි අංශ නිලධාරියෙක් විසින් සර්බියානුවෙක් වෙත මුදල් ලබාදෙන දර්ශන පෙළක් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සතිඅන්තයේ දී විකාශ කෙරුණි.

මෙහිදී මුදල් ලබාදුන් රුසියානු ඒජන්තවරයා බෙල්ග්‍රේඩ් හි තානාපති සේවයේ නිරත රුසියානු හමුදාවේ හිටපු නිලධාරියෙක් වන ලෙෆ්ටිනන් කර්නල් ග්‍රෙගොරි ලේබාන් ලෙසින්ද අනාවරණය වී ඇත.

මෙම වීඩියෝව දැඩි කතාබහට ලක්වූ අතර, අදාළ කරුණ සලකා ජාතික ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්කිරීමටත් ජනාධිපති වූචිච්ට සිදුවුණි.

ජනපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට කටයුතු කළේ ඉන් අනතුරුවයි.

ඕතඩොක්ස් කතෝලික දහම පැතිර පවතින රුසියාව හා සර්බියාව අතර කලක පටන් දැඩි දේශපාලන, හමුදාමය, සංස්කෘතික හා ආර්ථික සබදතා පැවැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

සර්බියාවෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් ලෙසින් පවත්වාගෙන යන කොසොවෝ කලාපය නිදහස් රාජ්‍යයක් ලෙසින් පිළිගැනීමට පවා රුසියාව ප්‍රතික්ෂේප කළේ දෙරට අතර ඇති දැඩි මිත්‍රත්වය පාදක කරගෙනයි.

වත්මන් තත්ත්වය හමුවේ අතීතයේ පටන් ඉතාමත් සමීප මිතුදම් පවත්වන ස්ලැවික් රාජ්‍යයන් අතර සබදතා පළුදුවීමේ අවදානමක් මතුව ඇති බවත් මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Shiran Viraj

සුනිල් සර්ගේ ෆිල්ම් එක මිස්වෙච්ච එකටනම් දුකයි චමීෂා දිසානායක

Shiran Viraj

කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..

Shiran Viraj
Translate »