2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකින් ජය වාර්තා කිරිමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණි.

ඒ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ සිඩ්නි තන්ඩර් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණ කළේය.

ඒ අනුව පිටියට පිවිසි සිඩ්නි තන්ඩර් කණ්ඩායමනියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 112ක්.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් රේචල් හේන්ස් නොදැවී ලකුණු 33ක් සහ රේචල් ප්‍රීස්ට් ලකුණු 31ක් රැස් කළේය.

ලකුණු 113ක ජයග්‍රාහී ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවකදී කඩුලු 4ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් සොෆී ඩෙවින් පන්දු 58කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්.

පන්දු යැවීමේදී නීඩා ඩාර් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj

සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

Shiran Viraj

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Shiran Viraj
Translate »