mediahumanrights.lk
NewsSportsSports News

දිනේෂ් රන් පදක්කම දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා.

මෙවර කී‍්‍රඩකයින් 08 දෙනෙකු සහ කී‍්‍රඩිකාවක් මෙම තරගාවලියට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වනවා. ශී‍්‍ර ලංකා පැරා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ හෙල්ල විසි කිරීමේ පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී දිනේෂ් පි‍්‍රයන්තයි.

ඔහු ඉකුත් 2007 වසරේ පැවති ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නා.

මෙවර තරගාවලියේදී තමන් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අපේක්‍ෂා කරන බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සඳහන් කළේ. ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය ලබන 07 වැනිදා ඩුබායිහිදී ආරම්භ වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළට

Shiran Viraj

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Shiran Viraj

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Shiran Viraj
Translate »