2026-09-01
mediahumanrights.lk
NewsSportsSports News

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

මේ දක්වා ලෝකයේ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග සංඛ්‍යාව දහස සම්පූර්ණ කර තිබෙනවා. දහස් වන තරගය ලෙස පැවැත්වුණේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයයි. පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග 1000 ක් පවත්වා ඇත්තේ වසර 14 ක් තුළ වීම ද විශේෂත්වයක්.

මෙම තරග දහස තුළ සිදුවූ විශේෂ සිදුවීම් 20 ක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කර ඇති අතර එහි ශ්‍රී ලංකා නාමය ද අවස්ථා 03කදී සටහන් වී තිබෙනවා. ලසිත් මාලිංග කඩුළු 100 ක් සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා වීම එහි පළමු වැන්නයි. දෙවැන්න ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 08 කට කඩුළු 06ක් බිඳහෙළමින් අජන්ත මෙන්ඩිස් පිහිටවූ ලොව හොඳම පන්දු යැවීමේ වාර්තාවයි. ශ්‍රී ලංකාව පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය දිනාගැනීම ද හොඳම සිදුවීම් 20 අතරට අයත්.

Related posts

Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?

Shiran Viraj

ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ..- අනුර

Shiran Viraj

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

Shiran Viraj
Translate »