28.4 C
Colombo
2026-09-15
mediahumanrights.lk
NewsSportsSports News

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති 03 වන 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්වුණා. 

ඒ, 3 ට 0 ක් ලෙස ලොව අංක එකේ 20 යි 20 කි‍්‍රකට් කණ්ඩායමට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස 20 යි 20 පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්වනවා.

යොවුන් කණ්ඩායමක් සහ නව නායකයෙකු යටතේ මෙම ජයග‍්‍රහණය වාර්තා කිරීම ද විශේෂත්වයක්. 

ඊයේ පැවැති තරගයේදී කාසියේ වාසිය හිමිකර ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. කෙසේවෙතත්, මුල් පෙළ පිතිකරුවන්ට පළමු තරග දෙකේදී මෙන් වැඩි දස්කම් දැක්වීමට පාකිස්තානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ධනුෂ්ක ගුණතිලක ලකුණු 08 කට දැවී ගිය අතර සදීර සමවික‍්‍රම රැස්කළේ ලකුණු 12 ක් පමණයි. භානුක රාජපක්ෂ ලකුණු 03කට දැවී ගියා. ඇන්ජලෝ පෙරේරා දුවද්දී දැවීයාමකට ලක්වුණේ ලකුණු 13 කටයි.

කෙසේවෙතත්, අංක 05 පිතිකරු ලෙස පිටියට පිවිසි  ඕෂධ ප‍්‍රනාන්දු සිය වගකීම් මනාව ඉටු කරමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 78 ක් රැස් කළා. ඒ, හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක්ද සමගයි. ඒ අනුව ශ‍්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 147 ක් රැස්කිරීමට සමත්වුණා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කිරීමට හැකිවූයේ කඩුළු 06 ක් දැවී ලකුණු 134 ක් පමණයි.

හැරිස් සොහේල් ලකුණු 52 ක් රැස් කළා. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 21 කට කඩුළු 03 ක් දවා ගත්තා. ලහිරු කුමාර ලකුණු 24 ට කඩුළු 02 යි. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස වනිිඳු හසරංග සම්මාන හිමිකර ගත්තා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්

Shiran Viraj

08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…

Shiran Viraj

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Shiran Viraj
Translate »