31.7 C
Colombo
2026-10-04
mediahumanrights.lk
NewsPolitical

බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කරයි.

“දුම්රිය ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිපි යැවීමට ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරනවා. එසේ කරන්නේ යම් කිසි බියක් නිසා නම් ඒ ලියුම් ටික මට ගෙනෙත් දෙන්න. මම අත්සන් කරලා ලියුම් ටික යවන්නම්. දුම්රියේ ඉඩම් කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පතක්. මේ ඉඩම් කළමනාකරණය කිරීමෙන් ලැබෙන ආදායමෙන් මේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් ඒ ආදායම ලබා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට උවමනාවක් නැහැ…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ බව කියා සිටියේ බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

“සමහර පුද්ගලයින් දුම්රියේ ඉඩම් අරගෙන පිටස්තර පුද්ගලයින් බදු දීලා ලොකු ආදායමක් ලබා ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම මංකොල්ල කනවා. අතරමැදියෝ සල්ලි උපයනවා. ඒක මාෆියාවක්. ඒ මාෆියාවට මේ නිලධාරීනුත් හවුල් බව මම දන්නවා. ඇතැම් ඉඩම් නිලධාරීන් සල්ලි එනවා කියන එකත් රහසක් නෙමෙයි. මේ ඉඩම් අංශයේ නිලධාරීන් වැටුපක් ගන්නවා නේද ? තමන් කන අදින දෙයට යුතුකම් ඉෂ්ට කරලා ආයතනය රැක ගන්න. අපි උත්සාහ කරන්නේ මේ ආයතන විකුණන්නේ නැතිව රැක ගන්න. ඒකට මේ හැමෝගෙම උදව් ඕන…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් අහිමිවීම් අංශ කිහිපයකින් සිදු වනවා. එයින් ප්‍රධානතම අංශයක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ඉඩම්වලින් ලැබෙන ආදායම. මේ වනවිට දුම්රිය සතුව 14දාස් එකසිය29ක විශාල ප්‍රමාණයක ඉඩම් තියෙනවා. එම ඉඩම්වලින් දුම්රිය ස්ථාන, මාර්ග, ධාවනාගාර සහ කාර්යාල යනාදි ලෙසට දෙපාර්තමේන්තු කටයුතු සඳහා අක්කර 8දාස් හත්සිය56ක් වෙන් වී තිබෙනවා. ඒ අනුව බදු දීමට හැකියාව ඇති ඉඩම් ප්‍ර‍මාණය අක්කර පන්දාස් තුන්සිය64ක්. නමුත් දළ වශයෙන් එයින් මේ වන විට බදු දී තිබෙන්නේ සියයට 10ක පමණ ප්‍ර‍මාණයක්. එනම් අක්කර පන්සිය36ක පමණ ප්‍ර‍මාණයක්. එම ප්‍ර‍මාණය වෙනුවෙන් අය වීමට ඇති මුදල රුපියල් මිලියන දාහතරදාස් හයසිය17 යි දශම අටක් වනවා. නමුත් මේ ආදායම ලබා ගැනීම සඳහා වැඩසටහනක් මීට පෙර තිබුණේ නැහැ. ඒ අනුව ඉඩම් ලේඛන ගත කරමින් එම ආදායම ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඉඩම් බදු දීමත් මුදල් එකතු කිරීමත් සිදු කළේ එකම අංශයකින්. නමුත් ඉදිරියේදී ඉඩම් බදුදීමට වෙනම අංශයකුත් බදු දුන් ඉඩම්වලින් බදු අයකර ගැනීමට වෙනම අංශයකුත් ඇති කිරීමට අවශ්‍ය නීතිමය ප්‍ර‍තිපාදන ඉක්මනින්ම ගෙන එනවා…”යිද අමාත්‍ය රණතුංග මෙහිදී කියා සිටියේය.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Shiran Viraj

බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

Shiran Viraj

ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්

Shiran Viraj
Translate »