27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

අන්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප‍්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා.

මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත වූ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

බරපතල තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අවස්ථා ගණනාවකදී අන්තවාදී කි‍්‍රයා පිළිබඳ මොහු පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇති බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. මෙම ඝාතනය අන්තවාදී කල්ලියක කි‍්‍රයාවක් විය හැකි බවයි සැක පළ කරන්නේ. නිට්ටඹුව පොලීසිය මගින් මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Shiran Viraj

ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියි

Shiran Viraj

කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

Shiran Viraj
Translate »