28.3 C
Colombo
2026-08-12
mediahumanrights.lk
Local NewsNews

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මීට හේතුව ලෙස සඳහන් වන්නේ සාධාරණ හේතුවක් නොදන්වා තමන් පොලිස්පති ධූරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබීමයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් ඉදිරි දින කිහිපය ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇති බවත් සඳහන්ය.

අනිවාර්ය නිවාඩු යවා ඇති පූජිත් ජයසුන්දර මහතා තවමත් පොලිස්පති නිවසේ රැඳී සිටින අතර අදාළ නඩු තීන්දුව ලැබෙන තුරු ඔහු එහි රැඳී සිටිනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

මේ අතර පොලිස්පතිවරයාට යොදවා තිබූ ආරක්ෂාව අඩු කර ඇති බවත් ඔහු වෙනුවෙන් යොදා තිබූ පෙර ගමන් යතුරුපැදි ආරක්ෂකයන් ද ඉවත් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද

Shiran Viraj

අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්න

Shiran Viraj

ජල ගාස්තුවත් ළගදීම ඉහළට

Shiran Viraj
Translate »