28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මීට හේතුව ලෙස සඳහන් වන්නේ සාධාරණ හේතුවක් නොදන්වා තමන් පොලිස්පති ධූරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබීමයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් ඉදිරි දින කිහිපය ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇති බවත් සඳහන්ය.

අනිවාර්ය නිවාඩු යවා ඇති පූජිත් ජයසුන්දර මහතා තවමත් පොලිස්පති නිවසේ රැඳී සිටින අතර අදාළ නඩු තීන්දුව ලැබෙන තුරු ඔහු එහි රැඳී සිටිනු ඇතැයිද වාර්තාවේ සදහන්ය.

මේ අතර පොලිස්පතිවරයාට යොදවා තිබූ ආරක්ෂාව අඩු කර ඇති බවත් ඔහු වෙනුවෙන් යොදා තිබූ පෙර ගමන් යතුරුපැදි ආරක්ෂකයන් ද ඉවත් කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Shiran Viraj

ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු.

Shiran Viraj

විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරිය

Shiran Viraj