2026-08-20
mediahumanrights.lk
International NewsNews

වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්

ප්‍රංශයේ වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක් ඇති වී ඇත.

පැරිස් අගනුවරට සමීප උප නගරයක් වන වර්සයිල්හි හටගත් ප්‍රබල ගින්නක් නිවා දැමීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වෙයි.

ගොඩනැගිල්ලක් සමීපයේ හටගෙන ඇති ගින්න හේතුවෙන් ප්‍රබල දුමාරයක් නැගී විත් ඇති ආකාරය ප්‍රංශ වැසියන්ගේ කැමරාවල පටිගතව තිබුණි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන වර්සයිල් මන්දිරය පිහිටා ඇත්තේ ද මේ නගරයේයි.

ගින්න හේතුවෙන් අදාළ ප්‍රෙද්ශයෙන් ඉවත්වන ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යුනෙස්කෝ ලෝක උරුමයක් මෙන්ම ප්‍රංශ කතෝලිකයන්ගේ මුදුන් මල්කඩක් බවට සැලකුණු නෝත්‍රදාම් ආසන දේව්මැදුර ගින්නකට හසුවූයේ පසුගිය 15 වැනිදාය.

ඉන් දේවස්ථානයේ දැවමය වහලයට සහ කොතට දැඩි සේ හානි සිදුවුණි.

Related posts

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Shiran Viraj

‘සජිත් මෙරට ජනාධිපති වීම ඒකාන්තයි..’- ප‍්‍රකට හිමියන් අනාවැකියක් කියයි..

Shiran Viraj

ශ‍්‍රි ලංකාව වේගයෙන් ආර්ජන්ටීනාව, සිම්බාබ්වේ, වෙනිසියුලාව දෙසට…

Shiran Viraj
Translate »