2026-09-07
mediahumanrights.lk
International NewsNews

ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියි

කහ කබාකරුවන්ගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රංශ ජනාධිපතිවරයා පිළිගෙන ඇත.

මේ අනුව අදාළ සංශෝධන නුදුරේදීම සිදුකිරීමට ජනාධිපති මැක්‍රොන් සූදානමින් පසුවන බව විදෙස් වාර්තාවල සඳහන්ය.

මාස ගණනාවක් තිස්සේ ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍ර කරගෙන පැවැති කහ කබාකරුවන්ගේ විරෝධතා සමනයට පත්කරමින් බදු කපාහැරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඉටුකිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පොරොන්දු වී ඇත.

මේ අනුව වැඩි විශ්‍රාම වැටුප් ලබාදීමටත්, සිවිල් සේවයේ සංශෝධන සිදුකිරීමටත් ජනාධිපතිවරයා එකඟවී ඇති බව සඳහන්ය.

ඉල්ලීම් රැසක් යටතේ කහ කබාකරුවන්ගේ විරෝධතා ආරම්භ කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් රජය ඇල්මැරුණු පිළිවෙතක් දැක්වූ බැවින් විරෝධතා ව්‍යාපාරය මාස ගණනාවක් පුරාවට පවත්වාගෙන යාමට කහ කබාකරුවන් කටයුතු කළේය.

විටෙක කලහකාරී ලෙසින් පැවැති විරෝධතා අතරතුර ගැටුම් ද හටගත්තේ පැරිස් ජනජීවිතයට දැඩි බාධා එල්ල කරමිනි.

කෙසේ වෙතත් සියලු විරෝධතා අවසානයේ ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපති මැක්‍රෝන් සූදානම් වී ඇත.

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව අප්‍රේල් මස 15වැනිදා පැවැත්වීමට නියමිතව පැවතියත්, නෝත්‍රදාම් ආසන දෙව්මැදුරේ ඇති වූ මහා ගින්න හේතුවෙන් හටගත් හදිසි තත්ත්වය යටතේ එය කල් දැමීමට සිදුවුණි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj

එදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..

Shiran Viraj

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Shiran Viraj
Translate »