mediahumanrights.lk
International News News

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී වැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත වූ අතර පුද්ගලයින් 1000ක් පමණ මේ වන විට අවතැන්ව සිටින බව සඳහන්ය.

වෙරළබඩ ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ල විය හැකි බවට ද කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

තුන්වන T20 තරගය අද -දික්වැල්ල වෙනුවට ලක්ෂාන්

Shiran Viraj

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Shiran Viraj

නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයි

Shiran Viraj