24.8 C
Colombo
2026-10-07
mediahumanrights.lk
International NewsNews

පාකිස්තානු ත‍්‍රස්තයෝ ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට..?ඉන්දු පාකිස්තාන් යුද්ධයෙන් ලංකාවටත් ප‍්‍රහාර

පකිස්තානු ත‍්‍රස්තවාදීන් ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට පැමිණීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඉන්දියාව දැඩි ආරක්‍ෂක පියවර රැසක් ගෙන තිබේ.

එම පියවර ශී‍්‍ර ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැයි ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික අංශ තුළ කැළඹීමක් හටගෙන තිබේ.

ඉන්දු පකිස්තාන යුද තත්ත්වය නිසා පකිස්තානු ගුවන් සීමා වසා දැමීම නිසා ශී‍්‍ර ලංකාව හා පකිස්තානය අතර ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ. මේ නිසා ගුවනින් භාණ්ඩ ප‍්‍රවාහනය ද ඇනහිට තිබේ.

මේ හේතුවෙන් පකිස්ථානය වෙත යවනු ලබන අපනයන සීමාවීමත් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සීමාවීමත් හේතුවෙන් ශී‍්‍ර ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ශී‍්‍ර ලංකාව ප‍්‍රධාන වශයෙන් පාකිස්තානය වෙත තේ, බුලත්, පොල්, පොල්කටු අඟුරු, ගම්මිරිස් හා රබර් නිෂ්පාදන අපනයනය කරයි.

වාර්ෂිකව එම අපනයනවල වටිනාකම රුපියල් මිලියන දහඅටදහසකි. ඉන්දියාවෙන් කුළුබඩුවල සිට යන්ත‍්‍ර සූත‍්‍ර දක්වා ආනයනය කරති.

ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සීමා වුවහොත් රටේ භාණ්ඩ මිල ඉහළ ගොස් එය උද්ධමනය ඉහළ යෑමට ද බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති 
(under the courtesy of lankacnews.com news web)

Related posts

WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයි

Shiran Viraj

අම්බලන්ගොඩ – කොස්ගොඩ සන්නිවේදන කුළුණක නැගී කාන්තාවක් විරෝධතාවයක

Shiran Viraj

සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් 5000කට වන්දි

Shiran Viraj
Translate »