31.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි

සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ඤානසාර හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා ඊයේ දිනයෙහි වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

මෙම අවස්ථාව සඳහා ඇමති මනෝ ගනේෂන් හා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් ද එක් වූහ.

ඥානසාර හිමියන් රෝගාතුර තත්ත්වයෙන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම මැති ඇමති පිරිස උන්වහන්සේ මුණ ගැසුණේ එහිදීය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

මහපොල 2500කින් වැඩි කරයි..

Shiran Viraj

මාලිංග පරාජයට හේතු කියයි

Shiran Viraj

දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

Shiran Viraj
Translate »