28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

සමනලූන් සහ මීමැස්සන් ඇතුලූ ලොව සිටින කෘමී සතුන්ගෙන් සියයට 40ක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය කර තිබෙනවා. ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් හා උරගයින්ට සාපේක්ෂව ඇතැම් කෘමී සතුන්ගේ වඳවීමේ ප‍්‍රවණතාව ඉහළ බවයි එම සමීක්ෂණය මගින් පෙන්වා දෙන්නේ. 

එම කෘමී සතුන් අතරට මී මැස්සන්, සමනලූන් මෙන්ම කුරුමිනියන් සහ කුහුඹුවන් ද අයත්. ක්ෂීරපායී සතුන්ට සාපේක්ෂව මෙම සතුන් වඳවී යාමේ වේගය 08 ගුණයකින් පමණ ඉහළ බවයි විද්‍යාඥයින් පවසන්නේ. කෘමිනාශක භාවිතය හා දේශගුණික විපර්යාසයන් මෙම සතුන්ගේ ජීවිත අවදානමට බොහෝ සෙයින් බලපා ඇතැයි ද සඳහන්. 
එහෙත්, ගෙමැස්සන් හා කැරපොත්තන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ ගොස් ඇති බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද

Shiran Viraj

ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..

Shiran Viraj

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Shiran Viraj