30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsSportsSports News

ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) QR 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.

එම ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම උණුසුම්ව පිළිගැනීමට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී පසුගියදා ක්‍රිකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් යළි අදහස් පළ කිරීමක් සිදු කළා.

එහිදී “කණ්ඩායමක් විදිහට පසුගිය කාලයේ අපි පරාජයට පත් වුණා තමයි. නමුත් කෙසේ හෝ අපිට නැඟිටින්න පුළුවන් කියන විශ්වාසයත් එක්කයි අපි කටයුතු කළේ. පරිපාලනයවත් වෙන කවුරුවත් නෙමෙයි..අපි 11 දෙනා තමයි මැදට පැනලා ක්‍රීඩා කරන්නේ. වීඩියෝවේ සාමාන්‍ය දෙයක් අපි කතා කළේ.. සමහර අය ඒක ගොඩාක් දුර අරං ගියා. අපි කොයි වෙලාවෙවත් හිතුවේ නෑ..ඒක එළියට යයි කියලා. අපි දන්නෙත් නෑ වීඩියෝ කරනවා…වීඩියෝ එක එළියට දාපු එක්කෙනා ගැන ක්‍රිකට් බෝඩ් එක පියවර ගනී. කොහොම වුණත් ඒක කණගාටුදායක තත්ත්වයක්. අපිට අවවාද කළා..අපි ඒක පිළිගත්තා. තරගයක් ජයග්‍රහණය කරලත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණාම අපි තවත් පීඩනයකට ලක් වෙනවා.” යනුවෙන් සඳහන් කළා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Shiran Viraj

තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයා

Shiran Viraj

බීමත් රියැදුරන්ට වැඩ වරදී

Shiran Viraj
Translate »