mediahumanrights.lk
NewsPolitical

කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

2015 සැප්තැම්බර් මාසයේ ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය ගෙනා 30/1 දරණ ජිනීවා යෝජනාවට ලංකාව සමඅනුග්‍රහය දැක්වූවා. තම රටට එරෙහිව යෝජනාවක් ගෙනාවාම ඊට සමඅනුග්‍රහය දැක්වූ ලොව එකම රට ලංකාවයි. අද ඒ යෝජනාවේ අන්තර්ගතය ක්‍රියාත්මක කරන්න කියලා අපට දැඩි බලපෑම් එන්නේ අපි සමඅනුග්‍රහය දැක්වූ නිසායි.

එක්සත් ජාතින්ගේ සංවිධානය වැඩිම යෝජනා ගණනක් සම්මත කර ඇත්තේ ඊශ්‍රාලයට එරෙහිව. එය ගණනින් 228ක්. මානව හිමිකම් සභාව පමණක් සම්මත කර ඇති යෝජනා ගණන 33ක්. නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රාලය කටයුතු කරලා නෑ. ඒ වෙනුවට තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කරමින් ඊශ්‍රාලය යෝජනාවට විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මන්ට එරෙහි යෝජනා වල අන්තර්ගතය ක්‍රියාත්මක කරන්න කියලා ඊශ්‍රායලයට කිසිම බලපෑමක් එල්ල වී නැහැ. මානව හිමිකම් සභාවට මෑතක දී ලොකුම අතුල් පහර එල්ල කලේ ලෝකයේ පොලිස්කාරයා වන එක්සත් ජනපදයයි. 2018 ජූනි මාසයේ දී එක්සත් ජනපදය මානව හිමිකම් සභාවෙන් ඉවත් වුණා. එසේ ඉවත් වුණේ එය දේශපාලන වශයෙන් පක්ෂපාතිව කටයුතු කරන අසූචි වලක් ලෙස චෝදනා කරමින්.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ගෙන ආපු එක්සත් ජනපදයම මානව හිමිකම් සභාව දේශපාලන වශයෙන් පක්ෂපාතියි කියනවා නම් එවැනි පක්ෂග්‍රාහි ආයතනයක් ලබා දුන් නිර්දේශ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු ද? ඒ නිසා මේ යෝජනාව දැන් අවලංගු බවට සලකන මෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් කළ යුතුයි. නැතහොත් සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් කළ හැකියි. මේ දෙකෙන් එකක් කර මේ ආණ්ඩුවට කොන්දක් තිබෙනවා නම් එය ප්‍රර්දශනය කරන මෙන් අපි ආණ්ඩුවට අභියෝග කරනවා. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

හදිසි නීතිය ජනවාරි මාසය දක්වා දීර්ඝ කිරීමට රජය සැරසෙයි – මන්ත්‍රී ශානකියන්ගෙන් විවේචනයක්

Shiran Viraj

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Shiran Viraj

දඩ ගෙවාගන්න බැරි රියදුරන්ට මෙන්න අවස්ථාවක්

Shiran Viraj
Translate »