mediahumanrights.lk
LIFE LIFE NEWS News

දියවැඩියාව පාලනයට ගත යුතු හොඳම ආහාර වට්ටෝරුව මෙන්න

දියවැඩියාව යනු අද ශ්‍රී ලංකා වාසී ජනතාවට මුහුණ දීමට තිඛෙන ප්‍රධානතම රෝගයක් බවට පත්වෙලා. වර්තාගත සංඛ්‍යා ලේඛන අනුව දියවැඩියාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව හරියාකාරව පාලනය නොකිරීම දියවැඩියාවට මූලිකම හේතුවයි. කුඩා කළ සිටම නිසි අයුරින් ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර බුක්ති වීඳීම මෙන්ම අලසවම ජීවත් වීම දියවැඩියාවට ප්‍රධානම හේතුවක්. අද අප ඔබට ගෙන එන්නේ අනාගතයේදී දියවැඩියා රෝගියෙකු බවට පත් නොවී සිටීම මෙන්ම ඔබ දියවැඩියා රෝගියෙකු නම් ඒ සඳහා ගත යුතු ආහාර පාලනය පිළිබඳ ඔබ දැනුවත් කරන්නටයි.
දියවැඩියාව යනු රුධිරයේ සතු සීනි මට්ටම ඉහළ යාමයි. ඔබේ මුළු සිරුරේම ඉන්ද්‍රියයන් සියල්ලම අඩපණ කිරීමට දියවැඩියාවට හැකියාව තිඛෙනවා. එබැවින් ඔබ සිරුරේ සීනි සංයුතිය වැඩි නොකර එය පාලනය කර ගනිමින් ආයුර්වේදාණුකූලව හොඳම ආහාර රටාව ඔබට ගෙන එන්නට අද අපි සූදානම්. ආයුර්වේදයට අනුව අනිසි ප්‍රතිඵල ගෙනෙන සමහර ආහාරපානවලින් වැළකීම ඉතා යෝග්‍යයි. අපි බලමු මොනවාද? ඒ ආහාර
1. බර වැඩි ආහාර හා දිරවීමට අපහසු වගේම ස්ථුලත්වයට මග පාදනවා.
2. තෙල් අධික ආහාර
3. අම්ල (ඇඹුල්) හා ලවණ (ලුණු) රස ආහාර
4. අධික ලෙස මුදවපු කිරි
5. එළු ආදී ග්‍රාම්‍ය සතුන්ගේ හා ඉදිබු ආදී ජලචර ප්‍රාණින්ගේ මස් මාළු අධික වශයෙන් ආහාරයට ගැනීම.
6. එළකිරි හා මී කිරිවලින් සකස් කළ ආහාර අධිකව ගැනීම.
7. අළුත් සහල් ඇතුළු ධාන්‍ය වර්ග, පිටිවලින් සෑදූ කැවිලි වර්ග නිතර නිතර ආහාරයට ගැනීම.
8. උක් හකුරු දමා සෑදූ විවිධ කෑම වර්ග ආහාරයට ගැනීම.
9. මත්පැන් පානයට ගැනිම වැනි හේතු මධුමේහයට නොහොත් දියවැඩියාවට බලපානවා.
ආහාරවේල සමබර නොවීම දියවැඩියාවට තවත් හේතුවක්. ආහාරයක පවතින රස හය පරිපූර්ණ නොවීම එයට ඍජුව බලපානවා. අපි ආහාර ගැනීමේදී මධුර හෙවත් පැණි, ඇඹුල්, ලුණු, කටුක, තිත්ත, කහට යන රස එක හා සමානව නොවුණත් අඩු වැඩි නොවී සාමාන්‍ය ප්‍රමාණයකින්වත් ආහාරයට ගත යුතුයි. අපි වඩා කැමති පැණි රසටයි. එය වැඩිපුර ගතහොත් දියවැඩියාවට අත වනා ගැනීමක් සිදුවේ. මෙම රස හය සමබරව පවත්වා ගැනීමෙන් මධුමේහය වළකාගත හැකියි.
දැන් අපි බලමු මෙවැනි රසවල් අඩංගු ආහාර මොනවාද කියලා. ඒවා පලා වර්ග, අල වර්ග, අළුත් එළවළු, ධාන්‍ය වර්ග, මාළු, පළතුරු වර්ග සඳහන් කළ හැකියි. දියවැඩියා රෝගය පාලනය කර ගත හැකි එවැනි ආහාර පහලින් පුළුල් ලෙස සාකාච්චා කරමු
පලා වර්ග
කූරිඤ්ඤා කොළ – මෙහි තිත්ත රසය ඇත. තෙබු කොළ – ඇඹුල් හා කහට රසයන් ඇත. මඩු දළු, කොහිල දළු, පෙනෙළ කොළ, කිරි අගුණ කොළ, තෝර කොළ, එරබදු කොළ, වැල් දොඩම් කොළ, වට්ටක්කා දළු, වාත බංග කොළ, ජපන් බටු දළු, කතුරුමුරුංගා කොළ, මැල්ල කොළ, වල් කොත්තමල්ලි කොළ, තැල් කොළ, කර කොළ, නිවිති, තුඹ දළු, කළු කම්ඹිරියා, රණවරා, ගොටුකොළ, කංකුං, මුකුණුවැන්න, එරබදු දළු, සාරන, සලාද කොළ. දිනපතා මේවා නොගෙන අවශ්‍ය පමණ මාරුවෙන් මාරුවට ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එකම පලා වර්ගය දිනපතා නුසුදුසුයි.
ඔබ දියවැඩියා රෝගීයෙකු නම් පිළිගත්, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර ඊට සුදුසු ඖෂධ ප්‍රතිකර්ම ලබා ගන්න. ඊට අමතරව ආහාර පරිභෝජන රටාව ද වෛද්‍ය උපදෙස් මත සකසා ගත යුතුයි. පිෂ්ඨය අඩංගු ආහාර අවම කර ඉහත දැක්වූ ආහාරවලින් ඔබගේ ආහාරවේල් සපුරා ගන්නවා නම් දියවැඩියාවට වැටකඩොළු බැඳ තබාගත හැකියි.
උදෑසන ආහාරයට පිටි මිශි‍්‍රත නම් ඊට කුරක්කන්වලින් සෑදූ පිට්ටු, තලප හෝ නිවුඩු හාල් පිටි ඉඳිආප්ප, පිට්ටු, කෙසෙල් මුව හෝ කූණිස්සන් හොදි සමග ගත හැකියි. තෝසෙ නම් සාම්බාරු කදිමට ගැලපේ.
කිරි වර්ග ආහාරයට ගැනීමේදී මේදය අඩු කිරි ගැනීම වඩාත් සුදුසුයි. දියවැඩියාවේ අතුරු ආබාධ ලෙස රෝග ගණනාවක් ඔබට වැළඳිය හැක. මළ බද්ධය ද දියවැඩියාව නිසා ් හට ගන්නා බැවින් වතුර පානය කිරිම ඛෙහෙවින් යෝග්‍ය වේ.
දියවැඩියාව වළකන එළවළු වර්ග
පතෝල, බණ්ඩක්කා, වැටකොළු, කෙහෙල් මුව, පොළොස්, දඹළ, මුරුංගා, මාළු මිරිස්, හතු වර්ග, කැකිරි, වට්ටක්කා, ගෝවා මල්, තුඹ කරවිල, පිපිඤ්ඤා, කරවිල, පුහුල්, සෝයා බෝංචි, රතු තම්පලා, සුදුළූණු, රතුළූණු,තක්කාලි, වම්බටු, ලුණු කොළ
දියවැඩියාව වළකන පලතුරු
ඇඹරැල්ලා, මාදං, බෝවිටියා, කිරිල්ල, දිවුල්, කෙසෙල්, නාරං, දොඩම්, දූරියන්, උගුරැස්ස, කොමඩු, නස්නාරං, අන්නාසි, රඹුටන්, වෙරළු යන මේවා සුදුසුයි.
දියවැඩියාව වළකන අල වර්ග
ඉන්නල, නෙළුම් අල, කිරි අල, රාජා අල, හුළංකීරිය අල, බතල, යෝග්‍ය වුවත් මඤ්ඤොක්කා, අර්තාපල්, කොස් හා දෙල් සතියකට හෝ සති 2කට වරක් දෙවරක් ආහාරයට ගැනීම හෝ ගැනීම අවම කිරීම ගුණදායක වෙයි.
දියවැඩියාව වළකන ධාන්‍ය වර්ග
මුං ඇට, කුරක්කන්, මෙනේරි, තල, බඩ ඉරිගු හා සහල් සුදුසුයි. සහල් තෝරා ගැනීමේදී කුරුට්ට සහිත නිවුඩු සහල් ගුණයෙන් ඉහළ නිසා එය තෝරා ගැනීම කළ යුතු වෙනවා. එහි ශරීරයට පිෂ්ඨය උරා ගැනීම ස්වල්ප වශයෙන් සිදුවන බැවින් දියවැඩියාවට අගුණ නැහැ.
නමුත් ඔබ අවශ්‍ය ප්‍රමාණයට ගත යුතුයි. ඒ නිසා දේශීය සහල්, දියවැඩියා රෝගයට සුදුසු පරිදි සැකසෙන මඩතවාලු, හීනටි, රත්නැල්, සුවඳැල් වැනි සහල් යෝග්‍ය යැයි නවීන පර්යේෂකයෝ මත ඉදිරිපත් කර ඇත.
දියවැඩියා රෝගීන්ට කොහෙත්ම සුදුසු නොවන ආහාර
අද බහුලව දැකිය හැකි කෙටි ආහාර (පැටිස්, රෝල්ස්, කේක් වර්ග) නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නැත. බීම වර්ග අතර පැණි බීම, උකු කිරි, සරුවත් වර්ග, බීම පැකට් වර්ග සුදුසු නැත. එසේම පැණි රස කෑම වර්ග අවම කිරීම ඉතාම යෝග්‍යයි.
පැණි වළලු, පැණි බූංදි, අයිසිං කේක් වර්ග, ටොපි වර්ග, කිරි ටොපි, ක්‍රීම් බිස්කට්, පුඩිම් වර්ග , වටලප්පන්, බොම්ඛෙ ස්වීට්ස් වර්ග, පුහුල් දෝසි, ජෑම් වර්ග සුදුසු නැති නිසා ප්‍රයෝජනයට ගන්නා විටදී ප්‍රවේශම් විය යුතුයි.
දියවැඩියාව වලකන පාන වර්ග
තේ, රණවරා, ඉරමුසු ඛෙලිමල්, හකුරු කැබැල්ලක් සමග ගන්න පුළුවනි. කොමඩු, මිදි, දොඩම්, නස්නාරං ආදියෙහි යුෂ පානය කළ හැකියි. කොතල හිඹුටු තම්බපු වතුර ද මේ සඳහා විශේෂිත ඖෂධයක් ද වේ.
courtesy : lowawata.net

Related posts

කොටුව දුම්රියපොළ බෝම්බ පිපුරුම – වසර 20ක සිර දඬුවම්

Shiran Viraj

පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)

Shiran Viraj

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Shiran Viraj