24.5 C
Colombo
2026-01-28
mediahumanrights.lk
NewsPolitical

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පිලිපීනයේ ක්‍රමය අනුගමනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පිලිපීන සංචාරයේදී කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඊට පූර්ණ සහාය ලබාදෙන බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොල්ලුපිටියේ සිය අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

Shiran Viraj

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

Shiran Viraj

JCT ධාරිතාව ඉහළ නංවන්න පියවර

Shiran Viraj
Translate »