28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsSportsSports News

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම ඊයේ සමත් වුණා. 

ඒ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඊයේ (13) පැවති අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුළු 4 කින් පරාජය කරමිනි. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 237 ක් රැස් කළා. 

ලකුණු 238 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම තරගය ජය ගත්තේ 49 වන පන්දුවාරයේදීයි. ඒ කඩුලු හයක් බිඳ වැටි තිබියදීය. ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය යොවුන් කී‍්‍රඩක කමිදු මෙන්ඩිස් පන්දු 88 කදී නොදැවී ලකුණු 91 ක් රැස් කළා. සදුන් වීරක්කොඩි ලකුණු 47 යි. ශෙහාන් ජයසූරිය ලකුණු 39 ක් සහ අසේල ගුණරත්න ලකුණු 24 ක් රැුස් කිරීමට සමත් වුණා. 

ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ චාමික කරුණාරත්න සුප්‍රකට නයි නැටුම පෙන්වා ජය සැමරීමද විශේෂයි.

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය සහ ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම් අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (15) පැවැත්වීමට නියමිතයි. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

තැපැල් ගාස්තු ඉහළ දැමීමෙන් තැපැල් සේවාව කඩා වැටීමේ අවදානමක් පවතින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj

මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්

Shiran Viraj
Translate »