2026-09-25
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිතයි. 

පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 15 වැනිදා වෙලින්ටන්හි දී ආරම්භ වනවා.

17 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ලහිරු තිරිමාන්න සහ නුවන් ප‍්‍රදීප් ද ඇතුළත්. පන්දු යැවීමේ ඉරයව් නීති විරෝධි බවට චෝදනා එල්ල වූ අකිල ධනංජය නවසීලන්ත ටෙස්ට් තරග සංචාරයට ඇතුළත්ව නැහැ.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත්, දිමුත් කරුණාරත්න උප නායකයා ලෙසත් කටයුතු කරනවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පිත්ත අතට ගනී

Shiran Viraj

කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ…

Shiran Viraj

තවත් 244කට කොරෝනා…

Shiran Viraj
Translate »