mediahumanrights.lk
Local NewsNews

උතුරට තවදුරටත් වැසි

කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමීටර් 42. 9ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි.

වව්නියාව ප්‍රදේශයට මිලිමිටර් 16. 2ක් ද මඩකළපුවට මිලිමීටර් 7.2ක ද වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර උතුරු පළාතට ඇද හැළෙන අධික වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට අයත් පුද්ගලයින් 54,819ක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට සහන කඳවුරු 38ක පුද්ගලයින් 11,299ක් රඳවා ඇති බවයි.

මේ අතර ගතවු පැය 24 තුළ කොළඔට මිලිමිටර් 33.7ක් ද, රත්නපුරට මිලිමීටර් 16ක්ද වර්ෂාපතනයක් ලැබී තිබේ.
(under the courtesy of newsfirst.lk web)

Related posts

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

Shiran Viraj

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

Shiran Viraj

අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්න

Shiran Viraj
Translate »