28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

එජාප නායකයින් හදීසි රැස්වීමක

එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, පා්‍යලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී දිගම්බරන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සහ ඉදිරියේදී ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ හලාවත මුන්නේෂ්වරම් දේවස්ථානයේ පිහිටි දේව කන්නලව්වට එක්වෙමින්.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමුවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග අනාවරණ කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

Shiran Viraj

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj

සෝලා විදුලිය සීමා කරන්න කමිටුවක් පත් කෙරේ…

Shiran Viraj
Translate »