25 C
Colombo
2026-10-06
mediahumanrights.lk
NewsPolitical

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

ඊයේ (14) එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා අද (15) යළිත් ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා.

ඒ අනුව පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් වූ විට වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

වඩිවේල් සුරේෂ් එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වහාම ඔහු මහින්ද  රාජපක්‍ෂ මහතාට එක් වූ නමුත් පසුව ප‍්‍රකාශ කළේ තමන් සුබ පැතීම සඳහා පමණක් මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ බවයි.

කෙසේවෙතත් ඊට පැය කිහිපයකට පසු වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා ආණ්ඩුවට එක් වුණා. නැවත ඔහු එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළේ ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ  පසුවයි. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Shiran Viraj

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

Shiran Viraj

මහමගදී පිහියෙන් ඇන සිසුවකු මැරු සිසුවා අධිකරණයට බාර වෙයි..රිමාන්ඞ්..

Shiran Viraj
Translate »