2026-09-07
mediahumanrights.lk
NewsPolitical

මහවැලි සංවර්ධනය ගැන කියන්න ජනාධිපති වෙන්කර ගත් මිලියන 200 ගියේ කොතැනටද..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහවැලියේ සංවර්ධනය ගැන කියන්න ජනාධිපතිතුමා වෙන්කරවා ගත් මිලියන 200 ගියේ කොහෙටද?

මහවැලි ජල සුරක්ෂිත ආයෝජන සැළැස්ම ආශ්‍රීතව වාරි කර්මාණ්ත ක්ෂ්ත්‍රයේ සිදු කෙරෙමින් පවතින දැවැන්ත ආයෝජන පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීම සදහා මිලියන 200 ක මුදලක් ඉල්ලා 2018/07/10 දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ආමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කල අතර 2018/07/25 දින කැබිනට් මණ්ඩලයෙන් ඒ සදහා අනුමැතිය ලබා දී ඇත.

රටේ ජනතාව තුන්වේල හරිහැටි කෑමට නොමැතිව දුක් විදිද්දී ජනතාවගේ මුදල් යොදා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම හාස්‍යජනකය. එමෙන්ම ආණ්ඩුවට හිතවත්  ප්‍රචාරණ සමාගම් පෝෂණය කිරීමට  සදහා ගත් උක්ත තීරණය අප දැඩිව හෙළා දකිමු.

එක්සත් ජාතික පක්ෂයේ ටෙන්ඩර් මගඩි පිළිබදව  ප්‍රශ්ණ කරන ජනාධිපතිවරයාගෙන් අප අසන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරණ කටයුතු ලබා දෙනු ලබන්නේ නිසි ටෙන්ඩර්පටිපාටියක් අනුගමනය කරමින්ද? යන්න පමණකි.

අවසානයේ අපට කීමට ඇත්තේ කාගෙ කාගෙත් කීල්ලෝට වල හුණු ඇති බවත් මෙවැනි කරුණු හෙළි කිරීමට අපට පුද්ගලා කවුද? ඔහුගේ තරාතිරම  වැදගත් නොවන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයි

Shiran Viraj

බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්

Shiran Viraj

පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනී

Shiran Viraj
Translate »